‘ඔබ සමඟ, ඔබ වෙනුවෙන්’

අත්‍යවශ්‍ය අපද්‍රව්‍ය කළමනාකරණ සේවා

අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය ක්ෂණික ඇමතුම් අංකය -

Download Waste Collection App From Apple App Store Download Waste Collection App From Google Play Store

WMGO - අපද්‍රව්‍ය කළමනාකරණ යෙදවුම

App Store වෙතින් දැන් ලබා ගත හැක.

‘ඔබ සමඟ , ඔබ වෙනුවෙන්’

අත්‍යවශ්‍ය අපද්‍රව්‍ය කළමනාකරණ සේවා

අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය ක්ෂණික ඇමතුම් අංකය -

WMGO - අපද්‍රව්‍ය කළමනාකරණ යෙදවුම

App Store වෙතින් දැන් ලබා ගත හැක.

සාදරයෙන් පිළිගනිමු

අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය - බස්නාහිර පළාත

Waste Management Authority Western Province

බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය (අ.ක.අ - බ.ප.) 1999 අංක 09 දරන බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රඥප්තිය යටතේ 2005 දී පිහිටුවන ලදී. එම පනත ශක්තිමත් කිරීම 2007 දී සිදු කරන ලද අතර දැනට, අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය- බ.ප.සංශෝධිත ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වේ.

ආරම්භයේ සිටම ඒකරාශී කරගත් අත්දැකීම් රාශියක් සමඟින්, අ.ක.අ - බ.ප. පහසුකම් සපයන ආයතනයක් ලෙස අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබා දී ඇත. අ.ක.අ - බ.ප. විසින් "මිහිසරු" සම්පත් කළමනාකරණ මධ්‍යස්ථාන පිහිටුවීම මගින් අපද්‍රව්‍ය සැකසීමේ අංශවල නිරත විමේ සීමාවන් පුළුල් කර ඇත.

තෝරාගත් ක්ෂේත්‍ර පිළිබඳ දැනුම, පළපුරුද්ද සහ ප්‍රවීණතාවයෙන් පිරිපුන් දක්ෂ කාර්ය මණ්ඩලයක් අධිකාරිය සතු වේ. එබැවින්, අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ උපදේශනය, අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වන පාරිසරික සේවා, ක්ෂේත්‍ර පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිදු කිරීම, පුහුණු කිරීම සහ NVQ සහතික කිරීම වැනි විවිධ ක්ෂේත්‍රවලට විවිධාංගීකරණය කරමින් අපි අපගේ සේවාව තවදුරටත් පුළුල් කළෙමු. මීට අමතරව, අප පොහොර විශ්ලේෂණය, අපද්‍රව්‍ය ගුනාංගීකරනය කිරීම, ජල තත්ත්ව පරීක්ෂණ රසායනාගාර සේවා සැපයීම සඳහා අපගේ සේවාවන් පුළුල් කර ඇත. අප වසර ගණනාවක් පුරා විශ්වසනීය හා ශක්තිමත් ආයතනයක් බවට පරිණාමය වී තිබේ.

තවදුරටත් කියවන්න...

1,678.5 මෙට්‍රික් ටොන්/දිනකට

කළමනාකරණය කරන ලද ඝන අපද්‍රව්‍ය මුළු එකතුව

759 මෙට්‍රික් ටොන්/මසකට (1.7%)

පළාත් පාලන ආයතන විසින් සිදු කරන මුළු ප්‍රතිචක්‍රීකරණ ප්‍රමාණය

5,539 මෙට්‍රික් ටොන්/මසකට (12.3%)

මුළු කොම්පෝස්ට් කිරීම්

20,266 මෙට්‍රික් ටොන්/ මසකට (45%)

මුළු බලශක්ති ප්‍රතිසාධනයන්

18,342 මෙට්‍රික් ටොන්/ මසකට (40.8%)

මුළු විවෘත කසළ බැහැර කිරීම්

අප විසින් පිරිනමන නිෂ්පාදන සහ සේවා

"මිහිලක්" අගය එකතු කරන ලද කොම්පෝස්ට් යනු වෙළඳපොලේ, විශේෂයෙන් රාජ්‍ය අංශය සඳහා ලබා ගත හැකි උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි. වර්ග කළ ජෛව හායනයට ලක්විය හැකි ජෛව ස්කන්ධ යනු කොම්පෝස්ට් කිරීම සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය වන අතර එය බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන “මිහිසරු” සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානවල තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කෙරේ.

මෙම කොම්පෝස්ට්වල ගුණාත්මක භාවය අධිකාරිය විසින් නිරන්තරයෙන් අධීක්ෂණය කරනු ලබන අතර පාරිභෝගිකයින්ට ඉල්ලීම මත තොරතුරු ලබා ගත හැකිය. "මිහිලක්" අගය එකතු කළ කොම්පෝස්ට් ගොවීන්ගේ අවශ්‍යතා අනුව කොම්පෝස්ට් මිශ්‍ර කිරීම සිදු කළ හැකි අභිරුචි කළ නිෂ්පාදනයක් ලෙස පවතී. මෙම නිෂ්පාදනය අවසාන පරිශීලකයා සඳහා කැටිති ආකාරයෙන් ද ලබා ගත හැකිය.

තවදුරටත් කියවන්න...

"MIHILUCK" දියර පොහොර කෘෂිකාර්මික අංශය සඳහා පවතින තවත් නිෂ්පාදනයකි. වර්ග කළ කාබනික ජෛව ස්කන්ධ භාවිතයෙන් මෙය පහසු භාවිතය සඳහා දියර පොහොරක් ලෙස නිපදවනු ලැබේ. මෙම නිෂ්පාදනයේ ගුණාත්මකභාවය නිරන්තරයෙන් අධීක්ෂණය කරනු ලබන අතර එය පරිශීලක-හිතකාමී පැකේජයක් තුළ පැමිණේ.

තවද, නිෂ්පාදනය කරන ලද දියර පොහොර ආකාර දෙකකින් ලබා ගත හැකිය. එනම් සහල් වගාවේ මුල් අවධි සඳහා "N" බහුල දියර පොහොර වෙළෙදපොළට එවීම සහ සහල් වගාවේ අවසාන අදියර සඳහා "K" බහුල දියර පොහොර වෙළෙඳපොළට එවීමයි. "MIHILUCK" දියර පොහොර 1L, 2L, 5L, 10L සහ 20L පහසු භාවිත පැකේජ වලින් ලබා ගත හැක.

තවදුරටත් කියවන්න...

"මිහිසරු" පණු කොම්පෝස්ට් යනු අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය‍ෙ තවත් විවිධාංගීකරණය වූ පාරිසරික නිෂ්පාදනයකි.  පණු - කොම්පෝස්ට් යනු පස් පණුවන් විසින් කාබනික ද්‍රව්‍ය බිඳවැටීමේ අවසාන නිෂ්පාදනය වන අතර එහි ජලයේ ද්‍රාව්‍ය පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන අතර එය විශිෂ්ට, පෝෂක පොහොසත් කාබනික පොහොර සහ පාංශු සමීකරණයකි. "මිහිසරු" පණු කොම්පෝස්ට් විශේෂයෙන් ගෙවතු වගාව සහ තිරසාර කාබනික ගොවිතැන සඳහා නිර්දේශ කෙරේ. "මිහිසරු" පණු කොම්පෝස්ට් නිෂ්පාදනය කරනු ලබන්නේ හෝමාගම සාලාව "මිහිසරු" සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ ය. කොම්පෝස්ට් අවසාන පරිශීලකයින්ට පහසු විවිධ ඇසුරුම් ප්‍රමාණවලින් ලබා ගත හැකිය.

තවදුරටත් කියවන්න...

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය යනු මධ්‍යම පරිසර අධිකාරිය මගින් ස්ථාපිත කරන  කරන ලද අපද්‍රව්‍ය බැහැර කිරීමේ ආයතනයකි. මෙම පහසුකමෙහි අරමුණ වන්නේ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ආයතන මගින් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම/ බැහැර කිරීම සදහා විද්‍යාත්මක හා පරිසර හිතකාමී ක්‍රමවේද ලබා දීමයි. අපද්‍රව්‍යවල ස්වභාවය අනුව, අපගේ තාක්ෂණික කාර්ය මණ්ඩලය ඔබේ කසළ බැහැර කිරීම පිළිබඳව ඔබට උපදෙස් දෙනු ඇත. අපේ කසළ බැහැර කිරීමේ ක්‍රමවේදය  විද්‍යාත්මක මෙන්ම ප්‍රමිතියෙන්ද යුක්තය. බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සේවාව අවසානයේ පාරිභෝගිකයාට වලංගු අපද්‍රව්‍ය බැහැර කිරීමේ සහතිකය සපයයි.e.

තවදුරටත් කියවන්න...

2008 අංක 01 දරන අපද්‍රව්‍ය කළමනාකරණ නීතිරීතිවලට අනුව පළාත් පාලන ආයතන හැර අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතුවලට සම්බන්ධ සියලුම ආයතන පළාත් සභාවල අධීක්‍ෂණයට යටත් වන අතර බස්නාහිර පළාත තුළ එම සේවාවන් සිදුකිරීමට වලංගු බලපත්‍රයක් ලබාගත යුතුය. බස්නාහිර පළාත් අපද්‍රව්‍ය අධිකාරිය එවැනි බලපත්‍රලාභීන්ට ඔවුන්ගේ සේවාවන් ප්‍රමිතිකරණයේදී පහසුකම් සපයයි. 

තවදුරටත් කියවන්න...

විවිධ මට්ටම්වල කසළ කළමනාකරණයට සම්බන්ධ පුද්ගලයින් සඳහා පුහුණු කිරීම් සහ දැනුවත් කිරීම් පිළිබඳ විශේෂ වැඩසටහන් අපි පවත්වමු. මෙම සියලුම වැඩසටහන් කැස්බෑව "මිහිසර" අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍ර පර්යේෂණ පුහුණු මධ්‍යස්ථානය (MWMFRC -center) මගින් මෙහෙයවනු ලැබේ. මෙම මධ්‍යස්ථානය P01/0948 අංක සහිත ව තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) යටතේ ලියාපදිංචි වී ඇති අතර ව්‍යවහාරික හා ක්ෂේත්‍ර පර්යේෂණ වැඩසටහන් මෙන්ම ගෘහ හා ක්ෂේත්‍ර වෘත්තීය පුහුණුව සඳහා විවිධ මට්ටම් වල සිරස් අතට මෙන්ම තිරස් අතට විවිධ ඉලක්ක කණ්ඩායම් සඳහා විවිධ පාඨමාලා පිරිනැමීම සිදු කරයි. 

තවදුරටත් කියවන්න...

අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය - බස්නාහිර පළාත විසින් 2022 දී මිහිසරු පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලද්දේ දිගු කලක සිට අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ ක්ෂේත්‍රපර්යේෂණ, පුහුණුව සහ මහජනතාව දැනුවත් කිරීම සඳහා ක්‍රමානුකූල මධ්‍යස්ථානයක් නොමැතිවීම හේතුවෙනි. දේශන ශාලා, සම්මන්ත්‍රණ ශාලා, සාකච්ඡා ශාලා, විද්‍යාගාර, පුස්තකාල, ආපනශාලා සහ විනෝදාස්වාද පහසුකම් ආදී සියලු නවීන පහසුකම්වලින් සමන්විත මෙම මධ්‍යස්ථානය මනරම් කරදියාන, කැස්බෑව ප්‍රදේශයේ  තෙමහල් ගොඩනැගිල්ලක පිහිටා ඇත.

.

තවදුරටත් කියවන්න...

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් සාමාන්‍ය ජනතාව සහ ඉලක්ක කණ්ඩායම් සඳහා අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වයි. දැනුවත් කිරීමේ  වැඩ සටහන් ප්‍රගතිය මෙහෙයවනු ලබන්නේ බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියෙහි හොඳින් පළපුරුදු තාක්ෂණික කාර්ය මණ්ඩලය විසිනි. ඉලක්ක කණ්ඩායම්වලට පාසල්, පෙර පාසල්, රජයේ ආයතන, රෝහල්, සනීපාරක්ෂක සේවකයන්, ප්‍රජාව යනාදිය ඇතුළත් වේ. ඉහත ඉලක්කගත කණ්ඩායම් සඳහා සුදුසු විශේෂිතව සකසන ලද දැනුවත් කිරීමේ වැඩසටහන්ද ඇත. තවද අපට පුද්ගලික අංශයේ ඉල්ලීම මත විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් සැලසුම් කර ඉදිරිපත් කළ හැක...

තවදුරටත් කියවන්න...

"මිහිසරු" රසායනාගාර සේවාව මගින් දැන් අපගේ වලංගු පාරිභෝගිකයින්හට කොම්පෝස්ට් වල ගුණාත්මකභාවය, ජලයේ ගුණාත්මකභාවය යනාදිය පිළිබඳ පරීක්ෂණ වාර්තා සහ විවිධ ප්‍රමිති සහතික ලබා ගැනීමට හැකිය. රසායනාගාර සේවාව කැසබෑව "මිහිසරු" අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍ර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයෙන් ලබා ගත හැක. අපගේ විශිෂ්ට සහ පළපුරුදු කාර්ය මණ්ඩලය රසායනාගාර සේවයේ ගුණාත්මක සේවාවක් සපයනු ඇත...

තවදුරටත් කියවන්න...

අපද්‍රව්‍ය සහ පාරිසරික කළමනාකරණය පිළිබද උපදේශන සේවා රාජ්‍ය සහ පෞද්ගලික අංශවෙත අපි ලබා දෙන්නෙමු. අපගේ පළපුරුදු කාර්ය මණ්ඩලය තාක්ෂණික ප්‍රවීණතාවයෙන් යුතු අතර පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා මත ඔවුන්ට සේවය කිරීමට සූදානමින් සිටී. ඔබගේ අපද්‍රව්‍ය සහ පාරිසරික ගැටළු සඳහා හොදම විසදුම් ලබා දීමටත් නිරන්තරයෙන් යථාවත්වීම සදහාත් අපි විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන සහ අනෙකුත් අදාළ පාර්ශවකරුවන්ගේ ආයතනවල ප්‍රවීණයන්ගෙන් විශේෂඥ දැනුම ලබා ගනිමු...

 

තවදුරටත් කියවන්න...

මිහිසරු අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍ර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය

අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය - බස්නාහිර පළාත (MIHISARU WMFRTC)

Training Center

අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය - බස්නාහිර පළාත විසින් 2022 දී මිහිසරු පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලද්දේ දිගු කලක සිට අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ ක්ෂේත්‍රපර්යේෂණ, පුහුණුව සහ මහජනතාව දැනුවත් කිරීම සඳහා ක්‍රමානුකූල මධ්‍යස්ථානයක් නොමැතිවීම හේතුවෙනි. දේශන ශාලා, සම්මන්ත්‍රණ ශාලා, සාකච්ඡා ශාලා, විද්‍යාගාර, පුස්තකාල, ආපනශාලා සහ විනෝදාස්වාද පහසුකම් ආදී සියලු නවීන පහසුකම්වලින් සමන්විත මෙම මධ්‍යස්ථානය මනරම් කරදියාන, කැස්බෑව ප්‍රදේශයේ  තෙමහල් ගොඩනැගිල්ලක පිහිටා ඇත.

මෙය පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ කසළ කළමනාකරණ ව්‍යාපෘතිවල නියැලීම සඳහා උනන්දුවක් දක්වන දේශීය මෙන්ම විදේශීය පාර්ශ්වයන්ට පුහුණු කිරීම්, පර්යේෂණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා අවස්ථාව ලබා දීමයි.

මෙම මධ්‍යස්ථානය බස්නාහිර පළාතට පමණක් නොව අනෙකුත් පළාත්වලට මෙන්ම විදේශිකයන්ටද සිය සේවාවන් සපයයි. එය තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) යටතේ ලියාපදිංචි වී ඇති අතර ඩිප්ලෝමා සහතික පාඨමාලා,සම්මන්ත්‍රණ, NVQ පාඨමාලා, මාර්ගගත පුහුණුව, වීඩියෝ සම්මන්ත්‍රණ, කෙටි කාලීන පාඨමාලා සහ කාර්යස්ථ පුහුණු වැඩසටහන් පවත්වයි.

මධ්‍යස්ථානය එහි පාර්ශවකරුවන්ට යාවත්කාලීන සහ ගුණාත්මක සේවාවන් සැපයීම සඳහා පිළිගත් විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇත.

තවදුරටත් කියවන්න...

පුවත් සහ සිදුවීම්

අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ පුවත් සහ සිදුවීම්

සම්පත් කළමනාකරණ මධ්‍යස්ථාන

අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය - බස්නාහිර පළාත

මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය - කරදියාන

මෙය අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය - .. විසින් පිහිටුවන ලද පුරෝගාමී සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයයි. මීට පෙර වසර 30 කට වැඩි කාලයක් විවෘත කසල බැහැර කිරීමේ ස්ථානයක් ලෙස භාවිතා කරන ලද අක්කර 37 ක ඉඩමක එය පිහිටා ඇති අතර අ.ක.අ - බ.ප. විසින් 2010 දී ඉඩම ලබාගෙන මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.

මසකට කොම්පෝස්ට් මෙට්‍රික් ටොන් 2500ක් නිපදවන මහා පරිමාණ කොම්පෝස්ට් අංගනයක්, අපද්‍රව්‍ය මාරු කිරීමේ මධ්‍යස්ථානයක් සහ පාලිත කසල අංගනයක් මෙහි පිහිටා ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 7කට අධික සංඛ්‍යාවක මිලියනයකට අධික ජනගහනයක් ආවරණය වන පරිදි මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය සිය සේවාවන් සපයයි

තවදුරටත් කියවන්න...
MIHISARU Resource Management Center - Karadiyana

"මිහිසරු" අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍ර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය - කරදියාන.

මිහිසරු අපද්‍රව්‍ය කළමනාකරණ හා පුහුණු මධ්‍යස්ථානය දේශීය හා විදේශීය පාර්ශවයන් සඳහා ක්ෂේත්‍ර පර්යේෂණ, සංවර්ධන කටයුතු සහ කසළ කළමනාකරණය පිළිබඳ පුහුණුව සඳහා අවස්ථා ලබා දීම සඳහා ස්ථාපිත කරන ලදී.

තවදුරටත් කියවන්න...
MIHISARU Resource Management Center - Karadiyana

"මිහිසරු" සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය - පොහොරවත්ත, කළුතර

නාගොඩ, (පොහොරවත්ත, කළුතර) හි පිහිටි මෙම මධ්‍යස්ථානය මගින් ප්‍රභව වෙන් කරන ලද අපද්‍රව්‍ය භාවිතයෙන් දිනකට කොම්පෝස්ට් මෙට්‍රික් ටොන් 30ක් නිෂ්පාදනය කරයි. මෙහි අවශේෂ අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 20ක් බැහැර කළ හැකි අපද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් ද ඇත. මෙම මධ්‍යස්ථානය කළුතර සහ බේරුවල මහ නගර සභා සහ පළාත් සභා සඳහා සිය සේවාවන් සපයයි

තවදුරටත් කියවන්න...
MIHISARU Resource Management Center - Karadiyana

"මිහිසරු" අධි-තාක්ෂණික ආසාදන අපද්‍රව්‍ය පිරිපහදු මධ්‍යස්ථානය - වතුපිටිවල

අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය - .. හි තවත් පුරෝගාමී සංවර්ධන ව්‍යාපෘතියක් වන්නේ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය - .. හි ඉහළ සුදුසුකම් ලත් තාක්ෂණික කාර්ය මණ්ඩලය විසින් අධීක්ෂණය කරනු ලබන මිහිසරු අධි තාක්‍ෂණික ආසාදන අපද්‍රව්‍ය පිරිපහදු මධ්‍යස්ථානයයි. මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ඇතිව නියමිත අපද්‍රව්‍ය කළමනාකරණය සිදු කිරීම සඳහා වතුපිටිවෙල මූලික රෝහලේ මධ්‍යස්ථානය පිහිටා ඇත. දෛනික ආසාදන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1 ක ධාරිතාවක් දහනය කළහැකි ලෙස මෙහි දහන යන්ත්‍රය ක්‍රියාත්මක වේ.

තවදුරටත් කියවන්න...
MIHISARU Resource Management Center - Karadiyana