පුවත්

ජගත් පරිසර දිනය

ජගත් පරිසර දිනය
ජගත් පරිසර දිනය වෙනුවෙන් බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ මග පෙන්වීම යටතේ බස්නාහිර පළාත් සභාව හා බස්නාහිර පළාත් පාලන අමාත්යංශය සමග එක්ව බස්නාහිර පළාත් අපද්රව්ය කළමනාකරණ අධිකාරිය විසින් පුරා සතියක කාලයක් තුල වැඩසටහන් රාශියක් සංවිධාන කර තිබුණි. මෙම වැඩසටහන් මාලාවේ අවසාන හා බස්නාහිර පළාත් සභාවේ ප්රධානතම පරිසර දින සැමරුම් උත්සවය අද දින ගරු බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්රධානත්වයෙන් කරදියාන මිහිසරු සම්පත් කළමනාකරණ මධ්යස්ථායෙදී පැවැත්වූ අතර එයට බස්නාහිර පළාත් පාලන අමාත්යාංශ ලේකම්තුමිය, බස්නාහිර පළාත් අපද්රව්ය කළමනාකරණ අධිකාරියේ සභාපතිතුමා, බස්නාහිර පළාත් අපද්රව්ය කළමනාකරණ අධිකාරියේ අධ්යක්ෂතුමිය ඇතුලු බස්නාහිර පළාත් සභාවේ නිලධාරීන් රුසක් එක්ව සිටියහ.