“සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල මෙන් ම ශ්‍රී ලංකාවේද නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය අභියෝග හා දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටී. මෙම තත්වයට වඩා ඵලදායී අයුරින් පිළියම් යෙදීම පිණිස අදාළ නාගරික අපද්‍රව්‍ය සුරක්ෂිත, තිරසාර හා පරිසර හිතකාමී අන්දමින් රැස් කර, පිරියම් කර, බැහැර කිරීම සදහා නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රධාන සැලැසුමක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබ ඇත. ඒ අනුව 2019-10-01 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාතික අපද්‍රව්‍ය කළමනකාරණ ප්‍රතිපත්තිය ද සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාත් නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබද ප්‍රධාන සැලැස්ම සකස් කිරීම සදහා වූ ව්‍යාපෘතියක් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ගිවිසුමක් හරහා ක්‍රියාත්මක කොට තිබේ....................
වැඩි විස්තර - https://www.facebook.com/share/v/19G9UcqSV5/