පුවත්

“පිරිසිදු රටක් – ලස්සන ජීවිතයක්” වැඩසටහන...

“පිරිසිදු රටක් – ලස්සන ජීවිතයක්” වැඩසටහන...
බස්නාහිර පළාත් සභාව සහ බස්නාහිර පළාත් අපද්රව්ය කළමනාකරණ අධිකාරිය ඒකාබද්ධව අපද්රව්ය කළමනාකරණය සදහා ස්ථීරසාර විසඳුම් සෙවීමේ අරමුණින් ක්රියාත්මක කරන "පිරිසිදු රටක් – ලස්සන ජීවිතයක්" වැඩසටහනට සමගාමීව පවත්වන ලද රැස්වීමක් (18) දින බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් මහතාගේ ප්රධානත්වයනේ හා බස්නාහිර පළාත් අපද්රව්ය කළමනාකරණ අධිකාරියේ සභාපති චතුර කහඳවආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ ඉතා සාර්ථක ලෙස පවත්වන ලදි.
බස්නාහිර පළාත් අපද්රව්ය කළමනාකරණ අධිකාරිය වශයෙන්, අපද්රව්ය කළමනාකරණ ක්ෂේත්රය තුළ රාජ්ය ආයතන, පෞද්ගලික ආයතන සහ රාජ්ය නොවන සංවිධාන (NGO) විසින් සිදු කරනු ලබන බොහෝ අපද්රව්ය කළමනාකරණය සම්බන්ධ ක්රියාකාරකම් හා උත්සාහයන් අප විසින් හදුනාගෙන ඇත. මෙවැනි මුලපිරීම් තිබියදීත්, තිරසාර ප්රතිඵල කරා යොමුවිය හැකි ඒකාබද්ධ සාර්ථක අනාගතයක් පිළිබඳ පැහැදිලි බවක් නොමැතිකම දැකගත හැකි විය. මෙයට ප්රතිචාර වශයෙන්, අපද්රව්ය කළමනාකරණ අධිකාරියේ සභාපතිවරයා අපද්රව්ය කෙරෙහි සමාජ හැසිරීම නැවත සකස් කිරීම අරමුණු කරගත් පරිවර්තනීය සංකල්පයක් හඳුන්වා දුන්නේය.