පුවත්

ලෝක පවිත්‍රතා දිනය

ලෝක පවිත්‍රතා දිනය
2025 සැප්තැම්බර් මස 20 වන දින ”World Cleanup Day” (ලෝක පවිත්රතා දිනයට)” දිනයට සමගාමීව තලපත්පිටිය ප්රදේශය පිරිසිදු කිරීමේ ප්රධාන වැඩසටහන බස්නාහිර පළාත් සභාව, බස්නාහිර පළාත් අපද්රව්ය කළමනාකරණ අධිකාරිය, මහරගම නගර සභාව හා අනෙකුත් රාජ්ය ආයතන එක්ව සංවිධානය කරන ලදි.
මෙම අවස්ථාව බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර හනීෆ් යූසුෆ් මැතිතුමාගේ ප්රධානත්වයෙන්, කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී දේවානන්ද සුරවීර මැතිතුමා, මහරගම නගර සභාවේ ගරු සභාපති සමන් සමරකෝන් මැතිතුමා, බස්නාහිර පළාත් අපද්රව්ය කළමනාකරණ අධිකාරියේ ගරු සභාපති චතුර කහදවාරච්චි මැතිතුමා හා මහරගම නගර සභාවේ මන්ත්රී මණ්ඩලයේ සහභාගිත්වයෙන් හා මේ සඳහා සහය දක්වන සියලු රාජ්ය ආයතන නියෝජනය වන පරිදි එම කාර්යය මණ්ඩල වල සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදි.