පුවත්

මිහිසරු ක්ෂේත්‍ර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම

මිහිසරු ක්ෂේත්‍ර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම

අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ක්ෂේත්‍ර පර්යේෂණ සහ පුහුණුව සඳහා කදිම වේදිකාවක් නොමැතිකමේ හිඩැසට බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් "මිහිසරු" ක්ෂේත්‍ර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය කරදියාන, කස්බෑව ප්‍රදේශයේ ස්ථාපිත කිරීම මගින් නිසි ලෙස පිළියම් කර ඇත. අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයේ අනුග්‍රහය යටතේ 2022 නොවැම්බර් 25 වන දින මෙම මධ්‍යස්ථානය විවෘත කරන ලද අතර අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ක්ෂේත්‍ර පර්යේෂණ සහ පුහුණු වැඩසටහන් පැවැත්වීමට මධ්‍යස්ථානය දැන් සූදානම්ය.